දේශපාලනයේ තවදුරටත් යෙදීමට අදහසක් නොමැති බව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය හිතවතුන්ට පවසා තිබේ.
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තමා කළකිරීමට පත්ව සිටින බවත්, ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට තරම් මානසිකත්වයක් නොමැති බවත් ඒ මහතා සඳහන් කර ඇත.
කෙසේ වෙතත් නඩු කටයුතු අවසන් වූ පසු දිවයිනේ රැඳී සිටින්නේද යන්න පිළිබඳව රාජපක්ෂ මහතා තවම හරිහැටි තීරණයකට එළැඹ නැති බවද වාර්තා වෙයි.
ඒ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය ඇමරිකාවේ රැඳී සිටියදී තනිවම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේද දේශපාලනය පිළිබඳව කළකිරීමෙන් බව ඔහු හිතවතුන්ට පවසා තිබේ.
ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, දිගටම දේශපාලනයේ යෙදෙන්නැයි දිනපතා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බවයි.