බැඳුම්කර නිධානය ගත් පිරිස් රවි කරුණානායක අමාත්‍යවරයා බිල්ලට දී පසෙකට වීමට උත්සාහ ගනිමින් සිටින බවත්, එහෙත් හොරුන් කණ්ඩායමට දඬුවම් ලැබිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනාධිපති කොමිසමේදී අමාත්‍ය රවි කරුණානායක මහතා පිළබඳ තොරතුරු හෙළිවූ බවත්, ඉදිරියේදී මීට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලනඥයන් පිළිබඳවද තොරතුරු හෙළිවන බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ නිසා රවි කරුණානායක මහතාට ඉල්ලා අස්වන ලෙස කියමින් මෙම සිද්ධිය ගොඩින් බේරාගැනීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බවත්, එහෙත් ඒ සඳහා ඉඩලබා නොදෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය