වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්රියාවලයේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති බවත්, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වැනිදා රු.බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතාව ලෙස දක්වා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ෂනය කළ ත්‍රිපුද්ගල කමිටුව පවසා තිබේ.
ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව, අදාළ ත්‍රිපුද්ගල කමිටුව පාර්ශිව ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති අතර, මහ බැංකු අධිපතිවරයාද, මහ බැංකුවේ නිලධාරීහුද, ප්‍රාථමික ගනුදෙනුකරුවෝද, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමද වෙති.