මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ චූදිතයකු බවට පත්ව සිටින අර්ජුන ඇලෝසියස් මහතා සමග දුරකථන සබඳතා පැවැත්වූ බවට හෙළිදරව් වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ නායක හමුවක් පවත්වා සාකච්ඡා කරන බවත් ඒ සඳහා එම මන්ත්‍රීවරුන්ද කැඳවන බවද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (20දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී කථානායකවරයා මේ බව පවසා සිටියේය.
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසමේ විමර්ශනයන්ට අදාළ තොරතුරු ලෙස ලබාගත් මෙම දුරකථන සබඳතා පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවසීය.