බැඳුම්කර සිද්ධිය නිසා මේ වනවිට පොලී අනුපාතය 15%ක් දක්වා ඉහළගොස් තිබෙන බවත්, මේ නිසා ආයෝජන හා ඉතිරිකිරීම කඩාවැටී තිබෙන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සිසුල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
2010 වසර වනවිට මෙරට පොලී අනුපාතය 8.5% ත්, 9%ත් වූ බවත්, මේ වනවිට එම අගය 15%ක් බවද පවසා සිටියේය.
පොලී අනුපාතය ඉහළ අගයක් ගැනීම නිසා ආයෝජන සිදුකිරීම කඩා වැඩී තිබෙන බවත්, ආයෝජන කඩාවැටීම නිසා ඉතිරිකිරීම කඩා වැටී තිබෙන බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ආයෝජන කඩා වැටීම ආර්ථිකයටද බලපා තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.