බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලුදෙනා වගකිව යුතු බවත් පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බවත් ජනපති අවධාරණය කළේය.
නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවත් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලුදෙනාගේ වගකීමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.