වසර දෙකක් නතර කර තිබූ බාහිර උපාධි සඳහා ලියාපදිංචි කිරීම යළි ආරම්භ තිබෙනවා. බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව සීමා කර තිබෙන බවත් බාහිර උපාධිධාරීන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කර ගැනීමේ ගාස්තුව අධික ලෙස ඉහළ දැමීමට කැළණිය විශ්වවිද්‍යාලය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. ඒ අනුව කලා අංශයෙන් බාහිර උපාධිධාරියෙකු ලියාපදිංචි කර ගැනීම සඳහා රුපියල් 7500 ක්ව පැවති ලියාපදිංචි ගාස්තුව රුපියල් 68,500 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.