ලංකාවේ ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු හා ලංකා වෙළෙඳ සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අභාවප්‍රාප්ත පිලිප්ස් බාලා තම්පෝ මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ 03, කොල්ලුපිටිය සී.එම්.යූ. ප්‍රධාන කාර්යාලයේදී ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන්ට සිය සාතිශය සංවේගය දක්වා සිටියේය.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය