ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සේවක සංගමයේ නායක, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නායකයකු, ලංකා සම සමාජ පක්ෂයේ පුරෝගාමියකු, මෙන්ම ලංකා වෙළෙඳ සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ මහතා අද (01දා) කොළඹදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවිය. දේහය පිළිබඳ අවසන් කටයුතු 05දා බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබේ.
1922 වසරේ මැයි මස 23දා යාපනයේදී උපත ලබන බාලා තම්පෝ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු ලංකා විශ්ව විද්‍යාලය යෙන් හා ලන්ඩන් විශ්ව උපාධිය හදාරා තිබෙන අතර පසුව අධිනීතිඥයෙකු බවටද පත්විය. ශ්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරයේ පරමාදර්ශී නායකයෙක් වන බාලා තම්පෝ මහතා වෙළඳ සේවක සංගමයේ නායකත්වයට පත්වූයේ අවුරුදු 26දීය.