සභාව ඇමතීම වෘත්තීය සමිති නායකයන් පමණයි
අභාවප්‍රාප්ත වෘත්තීය සමිති නායකයෙකු වූ බාලා තම්පෝ මහතාගේ අවසන් කටයුතු සිදුවන අද (05දා) දින පවත්වන අවමංගල්‍ය උත්සවය අමතනු ලබන්නේ වෘත්තීය සමිති නායකයින් පමණි.
අවමංගල්‍ය උත්සවයේ සංවිධායකයින් සඳහන් කළේ කිසිදු දේශපාලන කතාවක් සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බවයි.
කම්කරු ජනතාව වෙනුවෙන් වැඩ කළ බාලා තම්පෝ මහතාට දක්වන ගෞරවයක් වශයෙන් මෙම තීරණය ගත් බව සංවිධායක කමිටුව ප්‍රකාශ කළේය.
කොල්ලුපිටියේ පිහිටි ලංකා වෙළෙඳ, කාර්මික, පොදු කම්කරු සංගම් (CMV) ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමේ උත්සවය අද සවස 1.00 ට ආරම්භ වේ.
වෘත්තීය සමිති නායකයින් ඇමතනු ලබන එම උත්සවය සවස 3.00 ට පමණ අවසන් කර පෙරහැරින් බොරැල්ල කනත්ත දක්වා රැගෙන යන දේහය පිළිබඳ අවසන් කටයුත සවස 4.30 ට පමණ සිදුකිරීමට නියමිතය.