තෙවැනි පාර්ශ්වයක නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරී බව හේතුවෙන් බාලවයස්කාර දරුවෙකුගේ මරණය සිදුවුවහොත් එම දරුවාගේ දෙමව්පියන්ට වන්දි (අලාභ හානි) ගෙවීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව දෙමව්පියන්ට ඇතිවන මානසික වේදනාව හා අනාගත බලපෑම වෙනුවෙන් අදාළ වගකිවයුතු පාර්ශ්වයෙන් මෙසේ වන්දි අයකර ගැනීමට නීති සම්පාදනය කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.