ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති ධුරය සහ අනුශාසක ධුරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (20දා) පිළිගැන්වීය. ජනපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක දී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙම ධුරයන් පිළිගන්වනු ලැබීය.
බාලදක්ෂ සංවිධානයේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නායකයා, එහි සභාපති සහ අනුශාසක ධුරයන් සඳහා පත්වෙයි. එසේම, බාලදක්ෂ සංගමය විසින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත විශේෂ වැඩසටහන් සහ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළේය.