ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් තොගය සහිතව නැව ත්‍රිකුණාමලයට ගෙනගොස් සූක්ෂම ලෙස එය ගොඩබෑමේ උත්සාහයක් ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් මෙම පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් තොරවීම නිසා එය ප්‍රතික්ෂේප කළ බවත්, ඒ සඳහා මෙට්රික්ට්රොන් 30,000 පෙට්‍රල් තොගයක් මේ මස පළමුවන දින ලබාදෙන බවට පොරොන්දුවී තිබූ බවද එම සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
එහෙත් අදාළ නැව ලබානොදුන් නිසා පෙට්‍රල් හිඟවීමක් නිර්මාණය වූ බවත්, එසේ තිබියදී ඔවුන් එම නැව ත්‍රිකුණාමල වරායට ගෙනගොස් රට තුළට ඇතුළු කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවද පවසා සිටියේය.
මේ මස 08 වැනිදා තෙල් සංස්ථාව ඇණවුම් කළ පෙට්‍රල් තොගයක් සංස්ථාවට ලැබෙන බවත් සාමාන්‍ය පරිදි තෙල් භාවිතා කළහොත් ඉන්ධන හිඟයක් ඇතිව නොවන බවද ඒ මහතා සඳහන් කළේය.