ත්‍රස්තවාදී පනත යටතේ වැරදිකරුවෙකු වූ බ්‍රිතාන්‍ය දෙමළ ජාතිකයෙකු මැගසින් බන්ධනාගාරයේදී හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් ඊයේ (24දා) පෙරවරුවේ මියගොස් තිබුණු බව බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
බ්‍රිතාන්‍ය රජය හා ලංකාව අතර පවතින සිරකරු හුවමාරු වැඩසටහන යටතේ බ්‍රිතාන්‍යයට යැවීමට සිටි සිරකරුවෙකු මෙසේ මියගොස් තිබුණු බවද හෙතෙම කීය.
අදාළ සිරකරුවා විශ්වලිංගම් ගෝමිදාස් ලෙස හඳුනාගෙන ඇති අතර, මියයන මොහොත වනවිටත් ඔහු සිරකරු හුවමාරු කිරීමට අදාළව බ්‍රිතාන්‍ය රජයෙන් ලිපියක් ලැබී තිබුණු බවද බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.