පොලිස් දෙපාර්තමේන්තුවේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයේ ඇති පොලිස්පති ඩව්බිගින් ක්‍රීඩා මණ්ඩපයේ නම වෙනස් කරන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ක්‍රීඩා මණ්ඩපය හෙන්රි ප්‍රේද්‍රිස් මණ්ඩපය ලෙස නම්කරන්නැයි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා ඇති බවයි. බ්‍රිතාන්‍යන් විසින් ශ්‍රී ලංකාවේ සුරාසැල් ආරම්භ කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ හර්බට් ඩව්බින්ග් මහතා බවද එම නිවේදනයේ දැක්වෙයි.