බ්‍රිතාන්‍යයේ කන්සවර්ටිව් පක්ෂ නායකත්වය සඳහා වූ තරගයෙන් ඇන්ඩ්‍රියා ලීඩ්සම් ඉවත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති වීමේ අවස්ථාව තෙරේසා මේ වෙත උදාවී තිබේ.
59 හැවිරිදි වියේ පසුවන තේරේසා මේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන මතයේ රැඳී සිටි අතර, ඇය ස්වදේශ කටයුතු භාර රාජ්‍ය ලේකම් ධුරයේ 2010 වසරේ සිට කටයුතු කර තිබේ.