ශ්‍රීලංකාවේ තනාපති සේවාව පිළිබඳ අද(18දා) පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක්වූ අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරමක් ආවේගශීලීව පිළිතුරු දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ශ්‍රීලංකාවේ තනාපති සේවය පිළිබඳ විමසූ අතර එහිදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ තනාපති සේවයෙන් 51% ක් වෘත්තීමය විදේශ සේවයේ නිරතවූවන් පත්කර ඇති බවත් 49% ක් දේශපාලන පත්වීම් සිදු කර ඇති බවත්ය. එහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සාමාන්‍යයෙන් තනාපති සේවාව සඳහා වෘත්තිමය සේවාවක් ඇති පුද්ගලයන් 70% පමණ පත්කළ යුතු බවය. එසේ නොකර එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පවා පත්කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව තනාපති සේවය සඳහා සුදුසු පුද්ගලයන් පත්කර ඇති අතර පසුගිය ආණ්ඩු මෙන් තනාපතිවරු හරහා ව්‍යාපාර නොකරන බවය. එමෙන්ම මේවනවිට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයෙකු පත්කර ඇතිද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විමසූ විට ඒ සඳහා වැඩබලන නිලධාරියකු පත්කර ඇතිබව අගමැතිවරයා කීය. එමෙන්ම මෙම නිලධාරීයාට බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා සමග සෘජුව දුරකථනයෙන් සම්බන්ධවීමට හැකිබවද අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.