මහා බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ රාජකීයයා බවට දෙවැනි එළිසබෙත් රැජින පත්වීමට නියමිතය.
වික්ටෝරියා රැජින අභිභවා යමින් වසර 63ක් හා මාස හතක් බ්‍රිතාන්‍ය කිරීටයේ අගරැජින ලෙස කිරුළු පැළඳි දෙවැනි එළිසබෙත් රැජින වෙනුවෙන් විශේෂ ගෞරව දැක්වීමක්ද පැවැත්වෙන බව එරටින් වාර්තා වෙයි.
මේ වනවිට 89 වැනි වියෙහි පසුවන එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවෙයි.