1957 වසරේදී ශ්‍රී ලංකාවේ රූපගත කළ ප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වූ 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' වෙනුවෙන් නිර්මාණය වූ කිතුල්ගල පැරණි පාලම නැවත ගොඩනැගීමට සැරසෙන බව වාර්තා වෙයි.
එදා එම චිත්‍රපටය මගින්, බුරුමයේ ජපන් ජාතිකයන් යුද වැදුණු අවස්ථාවේදී දැවැන්ත පාලමක් මතින් බ්‍රිතාන්‍ය ජාතික සිරකරුවන් රැගෙන යන දර්ශන නිරූපණය කළත්, අදාල පාලම ශ්‍රී ලංකාවේ කිතුල්ගල ප්‍රදේශයේ නිර්මාණය කෙරිණි.
එහිදී, බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියෙකු විසින් පාලම පුපුරුවා හරින දර්ශනයක්ද චිත්‍රපටයට ඇතුළත් වෙමින්, චිත්‍රපටය වෙනුවෙන් පාලම පුපුරුවා හැර තිබුණි.
ඒ අනුව, මේ ඓතිහාසික පාලම නැවත ගොඩනැගීමට සැරසෙන බව වාර්තා වෙයි.