එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා කොළඹට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගියදා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිදුවීම පිළිබඳව තොරතුරු ලබාගැනීම මෙම කැඳවීම සඳහා හේතු වි ඇති බව වාර්තා වෙයි.
එම සිදුවීමෙන් පසුව ඔහුව ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත්කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව ධුරයේ පිහිටවනු ලැබීය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාද මීට ඉහතදී සඳහන් කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව හමුදාවෙන්ද කිසිඳු පරීක්ෂණයක් නොකරන බවයි.