රතුපස්වල ජල උද්ඝෝෂණයේදී සිදු වූ වෙඩි තැබීමට අණදුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා අද (15දා) නැවත දිවයිනට පැමිණියේය.
ඔහුගේ පැමිණීමත් සමග රතුපස්වල උද්ඝෝෂණයට නායකත්වය දුන් තෙරිපැහැ සිරිධම්ම හිමියන් සහ උද්ඝෝෂණයේදී තුවාල ලැබූ ගම්වාසීන් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත් කරන ලෙස ඉල්ලා කටුනාකයදී සාමකාමී විරෝධතාවක නිරත වූහ.
සිරිධම්ම හිමියන් ප්‍රකාශ කළේ පරීක්ෂණ විධිමත් කරන ලෙස ජනාධිපති, අගමැති සහ වගකිව යුතු නිලධාරීන්ට බලකරන බවයි.
දේශප්‍රිය ගුණවර්ධන මහතා තුර්කියේ තානාපති කාර්යාලයේ සේවය කළේය.