හොලිවුඩයේ වඩාත් ආකර්ෂණීය නළු නිළි යුවළක් ලෙස ප්‍රකට බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලී අද (29දා) උදෑසන අතිශය පෞද්ගලික උත්සවයක් සමග විවාහ දිවියට ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.
විවාහ දිවියට එළැඹෙන විට ඇන්ජලිනා ජොලී 39 වැනි වියෙහි පසුවූ අතර, බ්‍රැඩ් පිට් 50 වැනි වියෙහි පසුවීය.
2005 වසරේ හොලිවුඩයේ අතිශය ජනාදරයට පත් 'මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණයෙන් ආරම්භ වූ ඇන්ජලීනා හා බ්‍රැඩ් ආදර සම්බන්ධතාව සමග ඔවුන් පෙම්වතුන් ලෙස මාධ්‍ය ඉදිරියට පැමිණියහ.
ඉන් අනතුරුව නීතියෙන් විවාහ නොවුණත්, එක වහලක් යට දිවිගෙවූ ඇන්ජලීනා සහ බ්‍රැඩ් මේ වනවිට දරුවන් 6 දෙනෙකුගේ දෙමවුපියන් වන අතර, ඒ අතර, ඔවුන් හදාගැනීමට ගත් දරුවන්ද වෙයි.
ඒ අනුව, ඔවුන්ගේ විවාහ උත්සවය දරුවන්ගේද සහභාගීත්වය ඇතිව ප්‍රංශයේ කුඩා නගරයක දේවස්ථානයකදී පැවැත්වුණු බව වාර්තා වෙයි.
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සමලිංගික විවාහ නීතියෙන් පිළිගන්න තුරු තමන් දෙදෙනා විවාහ නොවන බව මීට පෙර ඔවුන් මාධ්‍යයට පවසා තිබූ අතර, පසුගිය වසරේ ජූනි මාසයේ සමලිංගික විවාහ නීතියෙන් පිළිගැනීමත් සමග තමන්ගේ ප්රකාශයන්ට ගරු කරමින් ඔවුන් විවාහ වන්නට ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.