කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඝාතනයට යොදා ගත් බවට සැකකෙරෙන අත්අඩංගුවට පත් කාර් රථය කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයකින් ලබාගත් එකක් බවටත්, එහි සැබෑ අයිතිකරු අනුරාධපුර ප්‍රදේශයේ ගුරුවරියක් බවටත් හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාළ කාර් රථය බදු පදනම මත කුලී රථ ලබාදෙන ආයතනයට ගුරුවරිය ලබාදී තිබෙන බවත්, එම කාර් රථය කුලී පදනමින් වාහන ලබාදෙන ආයතනයෙන් වාහන ලබාගෙන වැඩි මුදලකට වාහන අලෙවි කරන පුද්ගලයෙකුගෙන් සැකකරුවන් මෙම කාර් රථය කුලියට ගෙන තිබෙන බවට අනාවරණය වී ඇතැයි හෙතෙම පවසා සිටියේය.