කොටහේන බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී රවී කරුණානායක අමාත්‍යවරයාගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි හයිබ්‍රිඩ් වර්ගයේ කළු පැහැති මෝටර් රථය මේවනවිට හඳුනාගෙන තිබේ. එහි අංකය සහ ඡායාරූපයක්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් අද (08) ප්‍රකාශයට පත්කර තිබේ.