තමාට ලැබුණු තොරතුරු අනුව බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිදුවීම දේශපාලන සිදුවීමක් නොවන බවත්, එය පෞද්ගලික සිදුවීමක් බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
මෙවර මැතිවරණයේදී සියලුම ප්රචණ්ඩ ක්‍රියා සිදුව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට විරුද්ධව බවත් ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂයට පහර දීම සාමාන්‍යයෙන් සිදුවුවද, යහපාලනය අනුව මැතිවරණය කරන බැවින් මෙවර විරුද්ධ පක්ෂය අණ්ඩුවට පහරදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවට එක්වෙමින් හෙතෙම මේබව කීය.