හැටන් නගරයේ උත්සව ශාලාවක අයිස්ක්රීම් වෙළෙඳාමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අතර අද (06දා) සවස ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමනලගම ප්රදේශයේ පදිංචිව සිටි එස්. තංගරාජ් (අවු.65) නමැති තිදරු පියෙකි.
හැටන් නගරයේ පිහිටි උත්සව ශාලාවක අද (06දා) පැවැති විවාහ මංගලෝත්සවයක අයිස්ක්රීම් වෙළෙඳාමේ නිරත වූ පුද්ගලයෙකු හා එම ස්ථානයට අයිස්ක්රීම් වෙළෙඳාමේ පැමිණි හැටන් ප්රදේශයේම තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇතිවී තිබේ.
එම ගැටුම අතරතුර එක් වෙළෙන්දෙකු උත්සව ශාලාවේ පියගැටපෙළ මතින් පහළට ඇද වැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනෙක් අයිස්ක්රීම් වෙළෙන්දා හැටන් පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.