මර්ග තදබදය අවම කිරීම සඳහා බස්රථවලට ප්‍රමුඛතා ධාවන තීරු ලබාදීම යටතේ ප්‍රථමයෙන්ම බත්තරමුල්ලේ සිට කොටුව දක්වා මාර්ගයේ එම අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අනතුරුව හයිලෙවෙල් මාර්ගයට, ගාලු පාරට හා ලෝලෙවල් මාර්ගයට මෙම ක්‍රමය හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
බස්රථවලට ප්‍රමුඛතා ධාවන තීරු ලබාදීම පිළිබඳව සොයාබලා අවශ්‍ය වාර්තා සකස් කිරීමට මේ වනවිට කොරියානු රාජ්‍යයේ ප්‍රවාහන ක්ෂේත්රයේ විශේෂඥයන් දෙදෙනෙකු ලංකාවට පැමිණ තිබෙන බවත්, මොවුන් විසින් මේ වනවිට අදාළ කටයුතු ආරම්භ කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.