බස්නාහිර සහ වයඹ පළාත් සඳහා නව අමාත්‍යවරු දස දෙනෙක් අද (14දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
බස්නාහිර පළාත් සභාව
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා - මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථීක ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලපවාහන සහ සංචාරක කටයුතු
රංජිත් සෝමවංශ මහතා - අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ
ගාමිණි තිලකසිරි මහතා - කෘෂිකර්ම, ඉඩම්, වාරිමර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන
කැජිටන් ලලිත් වනිගරත්න මහතා - ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන
ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු
වයඹ පළාත් සභාව
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා - වයඹ පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථීක ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලපවාහන සහ සංචාරක කටයුතු
ගුණදාස දෙහිගම මහතා - මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන
සන්ධ්‍යා සමන්ත කුමාර රාජපක්ෂ මහතා - අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ
ලක්ෂ්මන් හරිස්චන්ද්‍ර වෙඩරුව මහතා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු
ඩබ්ලිවි.ජේ. සුමල් තිසේරා මහතා - කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.