බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණීම නිසා අද (29දා) පෙරවරුවේ එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට අදාළව සාකච්ඡා කිරීම සඳහා පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැඳවීමක් ලැබී තිබෙන අතර, එම සාකච්ඡාවට සහභාගී වීමට පෙර මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට පැමිණීමෙන් පසු මෙම තත්ත්වය ඇතිවිය.