බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා වැඩභාර ගැනීමේ උත්සවයට හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් තිදෙනෙක් පැමිණ සිටීම විශේෂත්වයකි.
ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (16දා) පෙරවරුවේ පැවැති මෙම උත්සවය සඳහා හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ජාතික ආණ්ඩු සංකල්පය පළාත් සභාවටද ගෙනවිත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය බවයි.