බස්නාහිර පළාත් සභාවේ පාලන බලය පෙරළා දැමීම සඳහා මන්ත්රීවරුන් 28 දෙනෙකුගේ කණ්ඩායමක් සූදානමින් සිටින බව එම පළාත් සභාවේ විපක්ෂයේ ප්රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.
එහෙත් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ ලබානොදෙන බවද හෙතෙම සඳහන් කළේය.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් මහතා වැඩබාරගැනීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.