බස්නාහිර පළාත් දේශගුණ වෙනස් වීමේ වාර්තාව එළිදකී
බස්නාහිර පළාත් දේශගුණ වෙනස් වීමේ වාර්තාව (2015) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) එළිදක්වන ලදී. හිල්ටන් හෝටලයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස අවම කිරීම හා අනුගත වීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුවේදී මෙම වාර්තාව එළිදැක්වීය. සමුළුව හෙට (9) අවසන් වේ.
තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යයන්ගේ එකමුතු ජාලයෙහි 13 වැනි වාර්ෂික සමුළුව හා දේශගුණික විපර්යාසයන් අවම කිරීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව සැප්තැම්බර් මස 07 සිට 09 වැනිදා දක්වා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන අතර, බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන සුළු වාරිමාර්ග කර්මාන්ත පරිසර හා සංස්කෘතික කලා කටයුතු අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබේ. මේ සඳහා අප්‍රිකානු. ඇමරිකානු. යුරෝපීය. ආසියානු සහ ආසියා පැසිෆික් කලාපීය රටවල් 37ක සාමාජිකයන් සහභාගී වී සිටී.
ඡායා- ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

