බස්නාහිර හා දකුණු පළාත් සභා හෙට මධ්‍යම රාත්රියේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඒ පිළිබඳව අවසන් තීරණයක් අද (11දා) රාත්රියේදී ගැනීමට නියමිත අතර, මේ සඳහා ආණ්ඩුවේ ඉහළපෙලේ ඇමතිවරුන් අද (11දා) සාකච්ඡාවක්ද පවත්වනු ඇතැයි එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.