බස් කර්මාන්තයේ නිරත බස් හිමියන්ගෙන් මසකට රුපියල් කෝටි 15 ක පමණ කම්පම් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
කොළඹ අද (15දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ කප්පම් ගැනීම වහාම නතර කිරීමට කප්පම්කරුවන් පියවරගත යුතු බවයි.
මෙම තත්ත්වය පිළිබඳව තම සංගමය හෙට දින (16දා) ආරක්ෂක ලේකම්වරයාට පැමිණි කරන බවද ඒ මහතා පැවසීය.