ලංගම බස් රථ තම හිතුමතේට බස් රථ ධාවනය කිරීමට එරෙහිව මාර්ග රථ සිදුකරන වර්ජනය නිමා කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.
ලංගම බස් රථ සිදුකරන අත්තනෝමතික ක්‍රියාව සම්බන්ධයෙන් කතරගම, තංගල්ල, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, කළුතර, අළුත්ගම, මතුගම බස් සංගම් විසින් සිදුකරන ලද බස් රථ වර්ජනය සම්බන්ධයෙන් බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකදී අදාළ ගැටලුවට මාසයක් තුළ විසඳුම් ලබාදෙන බවට මේ වනවිට පොරොන්දු ලබාදී ඇත. මෙම පොරොන්දුවට අනුව අද සවස සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.