බස්රථ රියදුරන්ට මගී ජීවිත සුරක්ෂිත කර දීමට නොහැකිවීම අවාසනාවන්ත තත්ත්වයක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
විනීත රියදුරෙකු බිහි කරගැනීම සඳහා පොලීසිය අපමණ උත්සාහයක් ගන්නා බවත්, එහෙත් සමහර රියදුරන්ගේ වැරදි ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව තිබෙන බවත් අද (06දා) පොලිස් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසා සිටියේය.
විනීත රියදුරෙකු බිහිකර ගැනීමට පොලීසිය විසින් දැනුවත් කිරීම් හා විනීත රියදුරන්ට තෑගි මුදල් ලබාදීම සිදුකරන බවත්, මීට අමතරව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.