තලවාකැලේතේ පර්යේෂණායතනය දක්වා කාර්ය මණ්ඩලය ප්රවාහනය කරන බස් රථයක් ඊයේ (16 දා) උදෑසන මට්ටකැලේ වතු යාය ප්ර‘දේශයේදී අඩි පනහක් පමණ ප්ර‘පාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.
අනතුරින් තුවාල ලැබූ හතළිස් දෙනෙකු පමණ ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් බරපතළ තත්ත්වයේ පසුවූ පහළොස් දෙනෙක් නුවරඑළිය මූලික රෝහලට මාරුකර යවා තිබේ.
ලිඳුල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හැටන් රංජිත් රාජපක්ෂ - ශාන් හුලංනුගේ