ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තියට අනුව හෙට (01දා) සිට ඉහළයාමට නියමිත බස්ගාස්තු ප්‍රතිශතය පිළිබඳව සංගම් අතර මත දෙකක් ඇතිවී තිබේ.
ජාතික ප්‍රතිපත්තියට අනුව සකස් කළ බස්ගාස්තු ඉහළයාමට අනුව අවම ගාස්තුව රුපියලකින් ඉහළ ගොස් එතැන් සිට පවතින ගාස්තු 6%කින් ඉහළ දැමීමට තීරණය වී ඇත.
එහෙත් එම මුදල වර්තමානයට නොගැලපෙන මුදලක් බව පවසමින් බස් සංගම් එකමුතුව විසින් ජූලි 3 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ වර්ජනයක් සිදුකරන බව අද (29දා) උදෑසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගම් නියෝජිතයෝ පවසා සිටියහ.
ලංකා පෞද්ගලික බස් හිමියෙන්ගේ සංගමය අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ රජය තීරණය කර තිබෙන ගාස්තු මුදල තම සංගමය පිළිගන්නා බවත්ය.
කෙසේ නමුත් ජාතික ප්‍රතිපත්තියට අනුව නිවැරදි ලෙස ගාස්තු සංශෝධනය වන්නේ 3.2% කින් බවත් එහෙත් බස්හිමියන් ගැන සිතා එය 6% දක්වා ඉහළ දමා තිබෙන අතර මෙම ප්‍රතිශත මුදල පිළිබඳව මත දෙකක් පළවී තිබෙන නිසා බොහෝදුරට හෙට (01දා) ගාස්තු සංශෝධනයක් නොවන බවද වාර්තා වේ.