ඩීසල් මිල ඉහළ යෑමට සාපේක්ෂව සහ ජූලි පළමු වැනිදා සිදුවීමට නියමිත ගාස්තු සංශෝධනයට අනුව ඉහළ දමන ගාස්තුව පිළිබඳ සාකච්ඡා කිරීමට බස් සංගම් හා බලධාරීන් අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව ආරම්භ කර තිබෙන අතර, අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඉහළ යන ගාස්තුව පිළිබඳ අවසන්තීරණයක් ගතහොත් අදාළ මිල ගණන් පිළිබඳ වාර්තාව හෙට (15දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන 17 වැනිදා සිට තම ගාස්තුව ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.