ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු 7%කින් අඩු කිරීමට යෝජනා කරන බව බස් සංගම් සඳහන් කරයි.
මෙහිදී අවම ගාස්තුවේ අඩුවීමක්ද සිදුවන බවත්, එම යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නිර්දේශ වශයෙන් ලබාදීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කළේය.