කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව පළකළ පුවත්පත් දැන්වීමක බල්ලන් අල්ලන්නා හා බල්ලන් විනාශකරන්නා යන පුරප්පාඩු පිළිබඳව දැන්වීම් පළකිරීම අත්වැරැද්දක් බව කොළඹ නගරාධිපති රෝසි සේනනායක මහත්මිය පවසා තිබේ.
ඊයේ මෙම දැන්වීම පළකර තිබූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල විය. එම තනතුරු දෙකට අමතරව ගවයන් අල්ලන්නා යන තනතුරක් සඳහාද අයදුම්පත් කැඳවා තිබුණි.
තමා එය ඉවත්කර ගන්නා ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරයාට වහාම නියෝග කළ බවත් ඇය පවසා ඇත.
ඔටාරා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක එම්බාර්ක් පදනම මේ පිළිබඳව රෝසි සේනානයක මහත්මියගෙන් විමසා ඇති විට එයට පිළිතුරු දෙමින් නගරාධිපතිනිය ඉහත අදහස් දක්වා ඇත.