"හෙටක් වෙනුවෙන් රටක්" බලශක්ති සංරක්ෂණ වැඩසටහන යටතේ ලක්ෂ 40 කට අධික පිරිස ශිෂ්‍යශිෂ්‍යාවන් මූලික කරගනිමින් මෙම වැඩසටහන සිදුකෙරේ. එහිදී පාසල් සිසුන් හෙට (11දා) පෙ.ව. 7.45ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම බලශක්ති සංරක්ෂණ පාසල් ප්‍රතිඥාව ලබාදීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික බලශක්ති සංරක්ෂණ පාසල් වැඩසටහන හෙට පෙ.ව. 7.30ට කොළඹ මහානාම විද්‍යාලය මුලික කරගනිමින් ආරම්භ කෙරෙන අතර ඊට සමගාමීව බශක්ති සංරක්ෂණ පාසල් ප්‍රතිඥාව ලබාදීමට සැලසුම්කර ඇත. එදිනටම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය බලශක්ති සංරක්ෂණ වැඩසටහන සහ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ ව්‍යාපෘතියට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම සිදුවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සමාරම්භක අවස්ථාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.