ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ පසු ආරක්ෂක අංශ යොදාගෙන බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්රණයක යෙදුණු බවට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ගෙනයන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවායේ කිසිදු සත්‍යතාවක් නැති බවත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
මැතිවරණයෙන් පසු ජයග්‍රහණය කළ පාර්ශ්වයට බලය පවරා ලෝකයටම ආදර්ශයක් ලබාදුන් බවත්, ඒ පිළිබඳව සඳහන් කරමින් විදේශ රටවල නායකයන් රාශියක් මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළකර තිබුණු බවත් ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (12දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ දිනයේ එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට කැඳවා සිය තනතුරෙන් ඉවත්වන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවත්, බලය පවරාදීමට අදාළව සුහද සාකච්ඡාවක් එහිදී සිදුකළ බවත්ය.
එම අවස්ථාවේදී ඇමෙරිකානු විදේශ ලේකම් ජෝන් කෙරී මහතා දුරකථනයෙන් කතාකර සාමකාමීව ඡන්දය පැවැත්වූ ආකාරය සම්බන්ධව ප්‍රකාශ කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ ආකාරයට විදෙස් නියෝජිතයන් රාශියක් ප්‍රශංසා කළද ඉන්දිය අගමැති නරේන්ද සිං මෝදි මහතා ප්‍රශංසා කළාදැයි තමන් නොදන්නා බවද ඔහු කියා සිටියේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ