ආණ්ඩුව සේම පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලයට පැමිණීම සඳහා ජාතිවාදය යොදා ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා ක්‍රමානුකූලව ජාතිවාදී ප්රවණතාවයන් උත්සන්න තලයට පැමිණ තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ජාතිවාදී ප්රවණතාවයන් තුළින් සිදුවන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව බෙදා වෙන් කිරීම පමණක් බවත්, ජනතාව බෙදා වෙන් වූ පසු රටකට ඉතිරිවන දෙයක් නොමැති බවත් හෙතෙම එහිදී පවසා සිටියේය.