වත්මන් රජය විසින් යෝජනා කරන ලද ආර්ථික සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළිවෙළ 'බලගතු ශ්රී ලංකාවක්' යන මැයෙන් ජනතාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය අද (04දා) පස්වරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එළිදැක්වේ.