තලවාකැලේ පොලිස් වසමට අයත් බඹරකැලේ වතුයායේ කුට්ටිමලේ කොටසේ වතු නිවාස පේළියක අද (09දා) ගින්නක් හටගත්තේය. උදෑසන 9.30 ට පමණ හටගත් ගින්නෙන් එම වතු නිවාස පේළියේ තිබූ නිවාස විස්සක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීමට වතු කම්කරුවන් දැඩි උත්සාහයක් දැරුවද, ගින්න පාලනය කිරීමට හැකි වී නොමැත. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර, එම නිවාස පේළියේ ජීවත් වූ පවුල් 28 කට අයත් සාමාජිකයන් 140 පමණ අවතැන්ව ඇත. ඔවුන් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි කර අවශ්‍ය පහසුකම් සලසා දෙන බව එම වතුයායේ වතු අධිකාරීවරයා පැවසීය.
හැටන් - රංජිත් රාජපක්ෂ/ ශාන් හුලංනුගේ