බදුල්ල සේනානායක ක්රීඩා පිටියේ තිබී අඩනිරුවත් පුද්ගල මළසිරුරක් අද (29 දා) හමුවී ඇතැයි බදුල්ල පොලීසිය සඳහන් කරයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බදුල්ල, හිඳගොඩ පදිංචිව සිටි රෙංගසාමි මහේන්ද්රන් නැමති අවු. 49 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘත දේහය බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, මරණයට හේතුව සොයාගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව බදුල්ල පොලීසිය පවසයි.