විල්පත්තු අභය භූමිය ආශ්‍රිතව නිවාස ව්‍යාපෘතියක් සිදුකරන බවට කළ හෙළිදරව් පිළිබඳව සඳහන් කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඒවා තිබුණු එන්තරවාසිය පිළිනොගන්නා බවත්, අමාත්‍යවරයාට කිසිදු මුදලක් නොගෙවන බවත්, ඉදිරියේදී ඔහුට එරෙහිව අධිකරණ හමුවට යන බවත් බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.
"මේක රිෂාඩ් බදියුදීන් කරන එක ජාවාරමක් විතරයි. තව ඒවා ඉදිරියේදී හෙළිදරව් කරනවා. ඒ අපි සත පහක්වත් දෙන්නෑ. සමාව ගන්නෙත් නෑ. උසාවි යන්න වෙන්නෙ රිෂාඩ් බදියුදීන්ට බව කිව යුතුයි." යනුවෙන් ඥානසාර හිමියෝ පැවසූහ.