බද්දේගම අධිකරණයේ සිරමැදිරියක සිටි රැඳවියන් පස් දෙනෙක් පලා යති
බද්දේගම මහේස්ත්රාත් අධිකරණයේ සිරමැදිරයක සිටි රැඳවියන් පස් දෙනෙකු අද (28) සවස පලා ගොස් ඇති බව බද්දේගම පොලීසිය පවසයි.
මෙම රැඳවියන් පස්දෙනා ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් සිටි බවත් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇඟිලි සලකුණු ආදිය ලබාගැනීම සඳහා රඳවා සිට ඇති අතර එම අවස්ථාවේ අයෙකු සිරමැදිරියේ සිට එළියට ගන්නා අවස්ථාවේ එහි සිටි බන්ධනාගාර නියාමකවරයා තල්ලු කර මොවුන් පලා ගොස් ඇති බවද පොලීසිය පැවසීය.
මෙම රැඳවියන් භාරව බන්ධනාගාර සැරයන්වරයකු හා නියාමකයන් පස්දෙනෙකු සිටි ඇති අතර මෙම සිදුවීමට පෙර හදිසියේ අසනීප වු රැඳවියෙකු රෝහල්ගත කිරීම සඳහා බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙකු කරාපිටිය රෝහලට පැමිණ ඇති බවත් මෙම සිද්ධියෙන් පසු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

