බණ්ඩාරවෙල ඇතිවූ හදිසි තත්ත්වයක් - පවුල් 100ක් ඉවත් කරයි
- 27 07 2017
- 21:35
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
බණ්ඩාරවෙල නගරයට අද (27දා) ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමග බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා සඳහන් කර සිටියේය.
උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ඒ මහතා පැවසීය.
ඒ අනුව මෙසේ ඉවත් කරන පවුල් බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත ආරක්ෂිතව යැවීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
